මගී ගුවන් යානයක් කඩා වැටෙයි

පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.

කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට මෙම ගුවන්යානය කඩාවැටී ඇත‍.

කෙසේ නමුත් මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, ඉන් 22ක් රෝහල් ගතකර ඇති බව කසකස්තානය රජය පවසයි.

ගුවන් යානය කඩාවැටීමත් සමග ගින්නක් හටගෙන ඇති නමුත්, පසුව එය නිවාදමා තිබේ.

කෙසේ නමුත් ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Embraer 190 වර්ගයේ ගුවන් යානයක් වන මෙහි මගීන් 62ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිට තිබේ.

මෙය අසර්බයිජානයේ අගනුවර වන බාකු සිට රුසියාව දක්වා ගමන් කරමින් තිබී ඇත.

පවතින මීදුම් සහිත තත්ත්වය නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව දැනට සිදුකෙරෙන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published.