අද ගාලුමුවදොරට එන අයට පොලිසියෙන් පණිවිඩයක්

ගාලුමුවදොර පරිශ්‍රය ආශ්‍රිතව අද (31) දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.

පෞද්ගලික රථ,  ගාල් කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති අතර එම අනුමත ස්ථාන වලින් තොරව වාහන නතර කර තබන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලීසිය අවධාරණය කළේ.

කොටුව,  කොම්පඤ්ඤවීථිය,  මරදාන,  කොල්ලුපිටිය,  බම්බලපිටිය හා කුරුදුවත්ත යන ප්‍රදේශ ආශ්‍රිතව ද රථවාහන සැළැස්ම ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published.