පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගෙ සේවාවන් වඩාත් කඩිනමින් ඉටු කිරීම සදහා කම්කරු අමාත්‍යංශය විසින් නව Whatsapp අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
කම්කරු අමාත්‍යංශය හා කම්කරු දෙපාර්තමේන්තුව වෙතින් සහන, මැදිහත් වීම් ඉල්ලා මහ ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සදහා 0707227877 යන Whatsapp අංකය මේ අනුව හඳුන්වා දී තිබේ.
කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ කාර්මික සාමය පවත්වාගෙන යාම සහ එය තවදුරටත් ශක්තිමත් කිරීමය. එසේම මෙරට පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවා ගැටලු වලට කඩිනම් සහන සැලසීම මෙහි අරමුණයි
ඒ අනුව මහජනතාවගේ කාලය සහ වියදම් අවම කිරීම හා කඩිනම් ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීමටත් නිලධාරීන්ගේ කාලය කළමනා කරණය කර ගැනීමේ පහසුව සදහාත් මෙම Whatsapp අංකය හදුන්වා දී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.