වැලිගම වෙඩි තැබීමකින් එක් අයෙක් මරුට

වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තබා එක් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

පා පැදියකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයින් දෙදෙනාට යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ටී 56 ගිනි අවියකින් මෙම වැඩිතැබීම සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වැලිගම වලාන රෝහල වෙත රැගෙන ගොස්, පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම, පන්සල වත්ත, ජෝති කොරටුව ලිපිනයේ පදිංචිව සිට අකාෂ් තාරුක් නමැති 28 හැවිරිදි පුද්ගලයෙක්ය.

මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත. 

වැලිගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Leave a Reply

Your email address will not be published.