අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලයට සීමාවක්

වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සඳහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර තිබේ.

ඒ අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත්වන අතර, නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා එම පිරිස 12කට සීමා කර ඇත.

අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යයන් වඩාත් කාර්යක්ෂමව සහ සියලු පාර්ශවයන් සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා මෙම සහාය කාර්ය මණ්ඩල පත් කරගත යුතුව ඇත.

එම කාර්යාල සේවා නියුක්තිය පහත උපරිම සංඛ්‍යාව නොඉක්මවිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

Leave a Reply

Your email address will not be published.