මත්ද්‍රව්‍ය සහ ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ (24) දියත් කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, ගල්කිස්ස පොලිස් වසමේ විමලසිරි ද මෙල් මාවත ප්‍රදේශයේදී ය.

පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීම සිදුකර මත්ද්‍රව්‍ය ඇතුලු දේපොළ රැසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන සේනානායක මාවත, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් දේපල
ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 349ක්
කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක්
මැන්ඩි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක්
මත්පෙති 320ක්
මත් මුද්දර 129ක්
වායු පිස්තෝල අවි 01ක්
කඩු 02ක්
පොලිතීන් සීලර් 01ක්
විද්‍යුත් තරාදි 05ක්
මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදා ගන්නා පැකට් 4,000ක්
මුදල් රුපියල් 1,250/=
ජංගම දුරකථනයක්
කාර් රථයක්

සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයෙකු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.