පුටින්ට ආවඩන ට්‍රම්ප් සෙලෙන්ස්කිට දෙහි කපයි

අමෙරිකාව සහ රුසියාව අතර මිතුදම් තරවෙමින් ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර සබඳතා බිඳවැටෙමින් පවතී.

එවන් පසුබිමක ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ සෙලෙන්ස්කි යනු මැතිවරණ නොපවත්වා සිටින ඒකාධිපතියෙක් බවටය.

ට්‍රම්ප් මේ චෝදනාව කර තිබුණේ ඔහුගේ ටෘත් “truth” සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි.

ඉන් අනතුරුව ෆ්ලොරිඩා හි දී මාධ්‍ය ඇමතූ ට්‍රම්ප් තවදුරටත් සෙලෙන්ස්කි විවේචනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

(ජනාධිපති සෙලෙන්ස්කි අමෙරිකාව සමඟ කතා කරලා, අමෙරිකාව ලවා ඩොලර් බිලියන 350ක මුදලක් වියදම් කරවලා, දිනන්න බැරි යුද්ධයකට ගියා. මම යුක්‍රේනයට ආදරෙයි. නමුත්, සෙලෙන්ස්කි තමන්ගේ රාජකාරිය හරියට කරලා නැහැ

Leave a Reply

Your email address will not be published.