ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලයේ වඩාත් ජනාකීර්ණ නගරයක් වන ටෙල් අවිව් හිදී  බස් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් ටෙල් අවීව්හි බැට් යෑම් ප්‍රදේශයේ නවතා තිබූ බස් රථ 3ක් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාල බෝම්බ අටවා මෙම පිපිරීම් සිදුකර තිබේ.

කෙසේ නමුත් රාත්‍රී කාලයේ දී මෙය සිදුවීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.

මේ අතර එම බෝම්බ පුපුරා යාමට පෙර මධ්‍යම නගරයක් වන හොලොන් හි තවත් බෝම්බ 2ක්ද සොයාගෙන ඇත.

පිපිරීම් සමග නගරය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published.