උණුසුම් කාලගුණය දිස්ත්‍රික්ක කිහිපයකට අනතුරු අඟවයි

දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැණෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා මෙම උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට පැමිණ ඇති බවයි.

එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත්ය.

එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසත් එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම නිවේදයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.