පොලිස් විශේෂ කාර්ය බලකා පුල්මුඬේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) සිදුකළ විශේෂ වැටලීමකදී T56 පතොරම් ගැබක් සහ යතුරුපැදියක අංක තහඩු 2ක් සොයාගැනීමට සමත්ව තිබේ.
වැලිඔය පොලිස් වසමේ කිරිබ්බන්වැව ප්රදේශයේදී මෙම පතොරම් ගැබ සහ අංක තහඩු සොයාගත් බව පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.