අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට මුල් වූ සැකකරු හෙට (12) දිනය තුළ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) රජයෙන් ඉල්ලා සිටියි.
කෙසේ නමුත් හෙට දිනය තුළ ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත්, උතුරුමැද පළාතේම වර්ජනයක් සිදුකරන බවට ඔවුන් අනතුරු අඟවා ඇත.
32 හැවිරිදි අදාළ වෛද්‍යවරිය ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් සිටියදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා ඇයව බිය ගන්වා දූෂණය කර ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදුකරයි.