යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වන්නි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේදී රුපියල් මිලියන 18 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ ග්‍රෑම් 85 කට අධික ප්‍රමාණයක් (පාර්සල් 30 ක්) හා ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු තලෙයිමන්නාරම පොලිසිය විසින් සිදුකරනු ලබන බවට වාර්තාවේ
2025-03-31


