තරුණියක් ගෙල කපා ඝාතනය කරයි

මතුගම, දොලහේන ප්‍රදේශයේ දී ඊයේ (18) දහවල් තරුණියක ගෙල කපා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 33ක් වූ මර්වින් සමරනායක මාවත, අඟලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බව මතුගම පොලීසිය පවසයි.

මෘත ශරීරයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ද ලැබී ඇත.

විමර්ශන සිදුකරන පොලීසියට අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඒ අනුව සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

Leave a Reply

Your email address will not be published.