අත්අඩංගුවට ගත් ඡන්ද අපේක්ෂකයින් ගණන 25 දක්වා ඉහළට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව පසුගිය මාර්තු 3 වන දින සිට අද (24) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 25කි.

ඊයේ දිනය තුළ ආධාරකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත ආධාරකරුවන් ගණන 98කි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (23) දිනය තුළ පමණක් මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 3ක් ලැබී ඇති බවය.

ඒ අනුව ලැබී ඇති සමස්ත අපරාධමය පැමිණිලි ගණන 61කි.

ඊයේ දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 20ක් ලැබී අතර සමස්ත පැමිණිලි ගණන 222කි.

මේ අතර පසුගිය මාර්තු 3 වන දින සිට අද දක්වා වාහන 23ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.