සංචාරක නවසීලන්ත කි.ග්‍රෑ. 85න් පහළ රග්බි කණ්ඩායමට එරෙහිව මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ අද (4) පැවති තරගයෙන් ලකුණු 10 – 50ක් ලෙස පරාජයවීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
තරගය ආරම්භයේ සිටම සිය අණසක පතුරවා සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන්වන විටත් ලකුණු 26-7ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
නවසීලන්ත ක්‍රීඩකයෝ සමස්ත තරගය පුරා උත්සාහක දිනුම් 8ක් වාර්තාකළ අතර ප්‍රවර්ථන 5ක් සාර්ථක කරගත්තේය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවට සාර්ථක කරගැනීමට හැකිවූයේ උත්සාහක දිනුමක්, ප්‍රවර්ථනයක් හා දඬුවම් පහරක් පමණි.
ශ්‍රී ලංකාව නයිජල් රත්වත්තේගේ නායකත්වයෙන් තරග වැදුණි.
දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් තරගය එළැඹෙන 10වනදා කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ.