ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව සොයා පොලිස් පරීක්ෂණ

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ තිබු යම් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමි ඒ මහතා පැවසුවේ මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකර බවය.

අනතුරින් මේ වන විට පිරිමි පුද්ගලයින් 16 හා කාන්තාවන් 05ක් ඇතුලත්ව පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවය.

එමෙන්ම පුද්ගලයින් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.