දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (17) දිනයේදී මෙම අනතුරු සිදුව ඇති බවය.
ඒ අනුව ඊයේ සවස් කාලයේදී හබරණ පොලිස් වසමේ කුඩාරඹාවැව කුඹුක්වැව මාර්ගයේ කුඩාරඹාවැව වෙල් යාය අසලදී කුඹුක්වැව දෙස සිට කුඩාරඹාවැව දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයේ රැඳි සිටි පිරිමි දරුවෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එම දරුවා හබරණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 08ක් වූ කුඩාරඹාවැව හබරණ ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
එමෙන්ම ඊයේ සවස් කාලයේදී වාරියපොළ පොලිස් වසමේ වාරියපොල හලාවත මාර්ගයේ වාරියපොල නගරයේදී කුරුණෑගල දෙස සිට වාරියපොල බස් නැවතුම්පොල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පදික මාරුව හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව වාරියපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 66ක් වූ මහකෙළිය, වාරියපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිදුවූ අනතුරු සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.