ශ්‍රී ලංකා රේගුවෙන් නීත්‍යානුකූලව නිෂ්කාශනය නොවූ මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ ලෙස ඇතුළත් කර ලියාපදිංචි කිරීමෙන් එම රථයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ආදායම් බලපත්‍රයක් ලබා ගැනීමට ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.
මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන අතර ඊට අදාළව තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බවද අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේය.
ඒ අනුව සැකකරු ඇප මත මුදාහරිනු ලැබූවොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමට හැකියාව තිබෙන හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
විත්තිය වෙනුවෙන් පෙනී සිට නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා සිවිල් පුද්ගලයෙකු බවත් ඔහුව දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට නීතිමය හැකියාවක් නොමැති බවය.
ඒ අනුව සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඔහු ඉල්ලා ඇත.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළාය.