පසුගිය සිකුරාදා (04 ) අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 43 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . විශාල පිරිසක් තවමත් අතුරුදන්ව ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර තිබේ .
ටෙක්සාස් ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇති ආකාරයට , හදිසි ගංවතුරෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී ඇත .
තවමත් අතුරුදහන් වී සිටින කඳවුරු බැඳගත් අය, නිවාඩු ගත කළ අය සහ පදිංචිකරුවන් විශාල පිරිසක් සෙවීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් දිගින් දිගටම සෝදිසි කිරීම් වල යෙදී සිටින බවද විදෙස් මාධ්‍ය පෙන්වා දේ .
ආපදාවට පත්වූවන් මුදාගැනීම සහ අනෙකුත් සහන සේවා සඳහා උපරිම සහාය ලබාදෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ .


