හෙද සේවයට පිවිසීමට බලාපොරොත්තු වෙන අයට සුබ ආරංචියක්

හෙද සේවයේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් උදෙසා ගැසට් නිවේදන 02ක් එළැඹෙන සිකුරාදා දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ අනුව 2020 වසරේ සිට 2022 වසර දක්වා අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණු පිරිසෙන් 2,650ක් සහ හෙද උපාධිය ලබා ගත් උපාධිදාරීන් 850ක් හෙද සේවය බඳවා ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය

Leave a Reply

Your email address will not be published.