පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවය.
අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රත්නපුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබුණි.
පොලිස් සිර මැදිරියේ සිටි සැකකරු ඊයේ (30) දිනයේ වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා ඇති අතර සිරමැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති බව වාර්තා වේ.
අදාළ සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පසුගියදා පානදුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරු පළා යාම සම්බන්ධයෙන් එම අවස්ථාවේ රත්නපුර මූලස්ථාන පොලීසියේ කාර්යය භාර නිලධාරීවරයාගේ සහ පොලිස් සිරමැදිරිය භාරව සිටි නිලධාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වුට්ලර් මහතා සඳහන් කළේය.