සොරබඩු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊයේ (31) දහවල් කාලයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශයේදී සැකකරුගේ නිවසේ තිබී අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක කිහිපයක් සොයාගෙන ඇත.

ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සොරබඩු ළග තබාගෙන සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 41ක් හා 64ක් වන සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 18ක්, ලැප්ටොප් පරිගණක 02ක්, ටැබ් යන්ත්‍ර 01ක්, පොලිෂර් යන්ත්‍රයක්, ග්‍රයින්ඩර් 05ක්, ග්‍රිල් යන්ත්‍ර 03ක් ඇතුළු භාණ්ඩ සොයාගෙන ඇත. 

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.