ඇෆ්ගන් – පාකිස්තාන – UAE තුන්කොන් සටනක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනය තරගාවලියට සත්කාරකත්වය ලබාදෙන අතර, සියලුම තරග සාජාහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අගෝස්තු 29වනදා පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වේ.

අවසන් මහා තරගය සැප්තැම්බර් 7වනදා පැවැත්වීමට නියමිතය.

පළමු වටයේදී සෑම කණ්ඩායමකටම තරග 2 බැගින් හිමිවන අතර, එහිදී ඉහළම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් දෙකට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිය.

මෙවර ආසියානු කුසලාන තරගාය සැප්තැම්බර් 9 සිට 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.