හිටපු ජනපති රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

වර්තමානයේ යෞවන සමාජ සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුධකාරී තත්ත්වයන් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හි ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජවල කටයුතු සිදුකරනු ලැබූ ආකාරය සම්බන්ධවද අදහස් දැක්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.