ඉන්දියාවට එකවර ධාරාණිපාත වැස්සක් – 38ක් මරුට

තුරු ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයට අද (14) පස්වරුවේ එකවර ඇඳහැළුණු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාවක් සමග ඇති වූ ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කිෂ්ට්වාර් හි පොලිස් පාලක මැදිරියේ නිලධාරීන්ට අනුව මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව සඳහන්.

ඉන්දීය ආපදා අංශ නිවේදනය කර සිටියේ තවත් 10කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, එරට හමුදා අංශ දිගින් දිගටම ගලවා ගැනීමේ කටයුතුවල නිරත වන බවද එහි දැක්වේ.

කිෂ්ට්වාර් හි හිමාලයානු මාතා චන්දි සිද්ධස්ථානය වැඳපුදාගැනීමට යමින් සිටි පිරිසක් මෙම අනපේක්ෂිත අනතුරට මුහුණපා ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම පිළිඳ ශෝකය පළ කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ, විපතට පත් සෑම කෙනෙකුටම හැකි සෑම උපකාරයක්ම සිදුකරන බවය.

Leave a Reply

Your email address will not be published.