හෙරොයින් කිලෝ 2ක් සමග සැකකරුවෙක් මාට්ටු

හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 755ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, වලස්මුල්ල පොලිස් වසමේ දී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොරකන්ද ගොඩවැව අසලදී මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරවෙක් බවය.

වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published.