තැන තැන සිදු වූ අනතුරුවලින් සිව් දෙනෙකු මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

බලංගොඩ – රත්නපුර මාර්ගයේ ඇල්ලේපොල ප්‍රදේශයේදී යතුරුපැදියක් මගී බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් ඇත. 

මෙලෙස මිය ගොස් ඇත්තේ යතුරුපැදිය පැදවු 34 හැවිරිදි කාන්තාවකි.

එමෙන්ම පොතුවිල් අක්කරපත්තුව මාර්ගයේ තංගවේලායුදපුරම් ප්‍රදේශයේදී ද යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලැබු එක් යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි තිරුක්කෝවිල් 04 ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව පොලීසිය පැවසුවේය.

මේ අතර කොහුවල, සරණංකර මාර්ගයේ කළුබෝවිල ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තිබේ.

එම අනතුර සිදුකළ සැකකරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

රත්නපුර – කොළඹ මාර්ගයේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.