ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් – මාර්ගය අවහිර වෙයි

විදුලිබල වෘත්තිය සමිති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ලංවීම සේවකයින් විදුලිබල මණ්ඩලයේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවයක නිරතව සිටියි.

මේ හේතුවෙන් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව සඳහන් කළේය.

ඒ අනුව කොම්පඤ්ඤවීථියේ සිට ලේක්හවුස් වටරවුම දක්වා එක් මන්තීරුවක දැඩි රථවාහන තදබදයක් පවතින බව වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published.