ලක්ෂ 45ක විදෙස් දුම්වැටි සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 45ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (05) අලුයම දින කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දුම්වැටි තොගය මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් රැගෙන යාමට තැත් කර තිබියදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් වන බවය.

සැකකරු විසින් ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක දුම්වැටි 30,000ක් අඩංගු දුම්වැටි 150ක් සඟවා ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 08 වැනිදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.