පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

නිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිකවැරටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

සැකකරුවන් අවුරුදු 20, 32 හා 51 යන වයස්වල පසුවන නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

නිකවැරටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.