ගැඹුරු මුහුදේදී ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බහුදින ධීවර යාත්‍රාව භාරයට ගෙන ඇත.

මේ වනවිට අදාළ සැකසහිත ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් පවතින බවද වාර්තා වෙයි. 

Leave a Reply

Your email address will not be published.