චිලී ජනාධිපතිවරණයෙන් කිසිවෙකුට බහුතර බලයක් හිමිව නැහැ

චිලී රාජ්‍යයේ පැවති ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකුට බහුතර බලයක් හිමිව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චිලී රාජ්‍යයේ ජනාධිපතිවරණය ඊයේ(16) පැවති අතර කොමියුනිස්ට් හා දක්ෂිණාංෂික අපේක්ෂකයින් ඉදිරියෙන් පසුවන බව වාර්තා වනවා.

කිසිදු අපේක්ෂයෙකු බහුතර බලයක් හිමිකර නොගැනීම හේතුවෙන් ජනාධිපතිවරණයේ දෙවන වටය දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන බවයි චිලී මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ.

පසුගිය වසර වලදී එරටට සංක්‍රමණිකයින්ගේ පැමිණීම ඉහළ යාමත් සමග අපරාධ කල්ලි වල වර්ධනයක්ද දක්නට ලැබුණා.

ඔවුන් මර්දනය කිරීමට අපේක්ෂකයින් ප්‍රතිඥා ලබාදීමත් සමග දේශපාලන වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ ආකාරයයි දක්නට ලැබුණේ.

පාලක සන්ධානයේ කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂකයා හා අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයෙකු පමණක් දෙවන වටයේ ඡන්ද විමසීම සදහා සුදුසුකම් ලැබුවා.

Leave a Reply

Your email address will not be published.