ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් එල්ල වූ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගාසිටුවීම සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උපරිම වශයෙන් මාස 6ක සහන කාලයක් ලබා දෙන අතර, ක්ෂුද්‍ර ව්‍යවසාය සඳහා ලබා දෙන උපරිම ණය මුදල රුපියල් 250,000 ක් බව සඳහන් වේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ලබා දෙන උපරිම ණය මුදල රුපියල් ලක්ෂ 10ක් වේ.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ වසර 3ක කාලයක් සඳහා අරමුදල් සැපයීමට නියමිත අතර, එහි පොලී අනුපාතය 3%ක අගයක් ගනු ඇත.


