ක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර හමුවක් සිදුව තිබේ.
අද (30) දහවල් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම හමුව සිදුව ඇති බව සඳහන් වේ.
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවයසම්, උප සභාපති නවීන් දිසානායක යන මහත්වරුන් එක්ව සිටියහ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඒහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට එක්ව සිටියහ.
මෙය තීරණාත්මක මට්ටමේ දේශපාලන සාකච්ඡාවක් නොවුවද පක්ෂවල පාක්ෂිකයින් හා සැලකීමේදී අදාළ සාකච්ඡාව ඉතා වැදගත් සාකච්ඡාවක් බව සඳහන් වේ.
පැය කිහිපයක් පුරා ඉතා සුහදව මෙම සාකච්ඡාව පැවති අතර තවදුරටත් අදාළ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යෑමට දෙපාර්ශ්වයම එකඟතාව පළකර ඇති බවද සඳහන් වේ.
මේ අතර මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් හෙට (31) දිනයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට නියමිතව තිබේ.

