මෙරට තුළ මෙතම්ෆෙටමීන් (methamphetamine) හෙවත් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
එහි පර්යේෂණ අංශයේ සහකාර අධ්යක්ෂ තමර දර්ශන මහතා සඳහන් කළේ, මේ වසරේ පළමු මාස 10 තුළ පමණක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වු පුද්ගලයින් 60,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය.
කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තමර දර්ශන මහතා සඳහන් කළේය.


