නාගොඩ ශික්ෂණ රෝහලේදී බන්ධනාගාර රැඳවියෙකුට වෙඩිතබයි

අද (31) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින්  නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකුය තුවාල ලබා තිබේ.

මෙම වෙඩිතැබීම අද උදෑසන 6.00ට පමණ සිදුකර ඇති බවත්, ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය. 

රෝහලේ 14 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම බන්ධනාගාර රැඳවියාට වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ද සිට ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව ඔහු මේ වනවිට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.