ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

රත්මලාන, ධර්මාරාම පාර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පදිංචිව සිටි පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තරුණයෙකු ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්වූ තරුණයා ක්‍රිකට් පිත්තකින් හා විකට් පොලුවලින් පහරකෑමෙන් මෙසේ මරණයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් සිව්දෙනෙකු හා පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු ගල්කිස්ස පොලිස් අපරාධ අංශය විසින් අද (07) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්මලාන , ශ්‍රී ධර්මාරාම පාර පදිංචි වයස අවුරුදු 21ක පුද්ගලයෙකු බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.