කළුතරදී සජබ අපේක්ෂකයෙකුට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් ව්‍යර්ථ වෙයි

කළුතර මහ නගර සභාවට සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබේ.

පොලීසිය සඳහන් කළේ කළුතර මහ නගර සභා අපේක්ෂකයෙකු ඉලක්ක කරගනිමින් ඊයේ (07) රාත්‍රීයේ මෙම වෙඩිතැබීමක් සිදුව ඇති අතර එය ව්‍යර්ථ වී ඇති බවය.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වූ බන්දුල ප්‍රසන්න මහතා වේ.

මොහු ඉලක්ක කරගනිමින් මීට මාස 9කට පෙර ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය ද ව්‍යර්ථ වී ඇති බව සඳහන්.

පොලීසිය සඳහන් කළේ වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිදු කළ පරීක්ෂා කිරීම්වලදී පිස්තෝලවලට යොදන ජීව උණ්ඩයක් සහ ජංගම දුරකථනයක් බිම වැටී තිබී හමුව ඇති බවය.

Leave a Reply

Your email address will not be published.