මනිරාසකුලම් ප්‍රදේශයේ වළලා දමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බයක් සොයාගනී

කන්තලේ, වාන්ඇල පොලිස් වසමට අයත් මනිරාසකුලම් ප්‍රදේශයේ වළලා දමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බයක් (ජොනී බට්ටා) ඊයේ (08) පස්වරුවේ සොයා ගත් බව පොලිසිය කියයි.

              මනිරාසකුලම් ප්‍රදේශයේ යුද ගැටුම් පැවැති සමයේ කොටින් විසින් මෙම බෝම්බය වළ දමන්නට ඇති බව සැක කරන පොලිසිය ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙය සොයාගෙන තිබේ.අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා මෙය නිෂ්ක්‍රීය කිරීමට පොලිසිය කටයුතු කරගෙන යයි .

Leave a Reply

Your email address will not be published.