උප්පාරු මෝයට ඩොල්පින් මත්ස්‍යයෙකුගේ සිරුරක්

මහවැලි ගඟ මුහුදට වැටෙන කින්නියා, උප්පාරු මෝය තුළට ඊයේ (08) පස්වරුවේ මියගිය ඩොල්පින් මත්ස්‍යයෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබියදි ධීවරයෝ සොයාගෙන තිබේ.

              අඩි පහක් දිග මෙම ඩොල්පින් සිරුර පිළිබඳව ධීවරයන් පවසන්නේ මෙම ප්‍රදේශයේ  ඩොල්ෆින් මසුන් ගැවසෙන කාලසීමාවක් නොවන බවය .මේ සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව අදාළ බලධාරීන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ .

Leave a Reply

Your email address will not be published.