නුවරඑලිය නගර සභාවට අයත් අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් (01) දින පස්වරුවේ අනතුරට පත් වීමෙන් එම ටිපර් රථයේ ගමන් ගත් රියදුරා සහ කම්කරුවන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසීය.
නුවරඑලිය උඩුපුස්සැල්ලාව ප්රධාන මාර්ගයේ නුවරඑලිය වන රක්ෂණ කාර්යාලය අසලදී මෙම අනතුර සිදු වී ඇත.
අධික වේගයෙන් ධාවනය කර ඇති ටිපර් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ටිපර් රථයේ තිරිංග ක්රියා විරහිත වීමෙන් පසු ටිපර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්රධාන මාර්ග අභියස පිහිටි නිවසක ගැටී ටිපර් රථය නතර වී ඇත.
අනතුරින් නිවසට සහ ටිපර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
අනතුර පිලිබද නුවරඑලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.


