මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නුවරඑලිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් තිබූ නඩු කටයුතු තුනකට අදාළ විත්තකරුවන් සිව්දෙනෙකුට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා විසින් ඊයේ (02) දින මරණ දඬුවම නියම කර තිබෙනවා.
1998 වසරේ නානුඔය – දික්ඔය ප්‍රදේශයේදී 57 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් 47 හැවිරිදි පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කළා.
මේ අතර, 2019 වසරේ පට්ටිපොළ ප්‍රදේශයේදී තම මව, බිරිද සහ දරුවා ඝාතනය කිරිම සම්බන්ධයෙන් වරදකරු 55 හැවිරිදි පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කරනු ලැබූ අතර, 1990 වසරේ බගවන්තලාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ 64 හැවිරිදි සහ 62 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවා.


