දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන පද්ධති අන්තර් හුවමාරුවක් සහිතව රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව, කහතුඩුවේදී ඉදි කරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළුව, රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අදියර – 1 මාර්ග කොටස ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2026 වර්ෂය තුළදීම නිම කර අදාළ කොන්ත්‍රාත්තු ප්රදානය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.
2026 වර්ෂයේ අනුමත ප්‍රතිපාදන තුළ දේශීය අරමුදල් මත පදනම්ව, රුපියල් බිලියන 15 ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
සමස්ත ව්‍යාපෘතිය අදියර තුනකි.
අදියර 02 ඉංගිරිය – රත්නපුර
අදියර 03 රත්නපුර – පැල්මඩුල්ල


