සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලැබ සිටින ශෙහාන් සත්සර හෙවත් “දෙහිබාලේ මල්ලි” නම් සැකකරුගේ බාල සහෝදරයා වන පටබැඳිගේ තුෂාන් සත්සර හෙවත් ‘කළු මල්ලි’ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
පටබැඳිගේ තුෂාන් සත්සර හෙවත් ‘කළු මල්ලි’ නම් 25 හැවිරිදි සැකකරුට දකුණු පළාතේ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබුණි.
ශ්‍රී ලංකා පොලිසිය ලබාදුන් තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.


