ඇමති විජිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (02) සහ හෙට (03) යන දෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් එරට ප්‍රධාන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමඟ අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් හා එමිරාටීකරණ අමාත්‍ය Dr. Abdulrahman Abdulmannan සහ Economy and Tourism of the UAE, Abdulla bin Touq Al Marri  ඇතුළු එරට ප්‍රධාන පෙළේ අමාත්‍යවරුන් සමඟ දෙරට අතර වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර, සැප්තැම්බර් 02 වනදා ඩුබායිහි පැවැත්වෙන “Sri Lanka Beyond Your Dreams” වැඩසටහනේ දෙවැනි අදියරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා සමඟ අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගී වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සංචාරය තුළින් දෙරට අතර ආර්ථික, රැකියා සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.