අඟුලාන මුහුදේදී සිදුවූ නාවික යාත්‍රා අනතුරින් අතුරුදන්ව සිට සොයා ගත් නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු අද (07) සවස 4.30ට පූර්ණ නාවික හමුදා උත්තමාචාර මැද වේරහැර පොදු සුසාන භූමියේ දී සිදුකෙරුණි.
පසුගිය අගෝස්තු මස 15 වන දින අදාළ වේග ප්‍රහාරක යාත්‍රාව අඟුලාන මුහුදු ප්‍රදේශයේදී නාවිකයින් 12 දෙනෙකු සමඟ අනතුරට ලක්විය.
එම අවස්ථාවේදී එහි සිටි නාවිකයින් 11දෙනෙකු අඟුලාන පොලීසියේ සහ දේශීය ධීවර ප්‍රජාවේ සහාය ඇතිව බේරා ගැණුන ද එක් නාවිකයෙක් අතුරුදන්ව තිබුණි.
මෙලෙස අතුරුදන්ව තිබුණේ බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි නාවික ලුතිනන් තිළිණ සන්දේශ් උදයප්‍රිය නමැති නිලධාරියායි.
ඔහු 2020 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී තිබුණු අතර පසුව මාසයකට ආසන්න කාලයක් ඔහුව සොයා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායම් මෙහෙයුම් දියත් කර තිබුණි.
ඒ අනුව උදයප්‍රිය නාවික සෙබළාගේ සිරුර සැප්තැම්බර් 04 වැනි දිනයේ දී නාවික කිමිදුම්කරුවන් විසින් ගිලාබත් වූ යාත්‍රාවෙන් සොයාගෙන තිබුණි.


