දුම්රිය වෘත්තීය සමිති 48 පැයක වැඩවර්ජනයකට සැරසෙයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 24ක් එක්ව මෙම මස 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අත්තනෝමතික පරිපාලනය හේතුවෙන් දුම්රිය සේවය අර්බුදයකට පත්ව ඇති බවත්, ඒ හේතුවෙන් මගී ජනතාව නිරන්තරයෙන් අපහසුතාවට පත්වන බවත් වෘත්තීය සමිති පවසයි.

එමෙන්ම, මෙම තත්ත්වය සම්බන්ධයෙන් හඬ නගන වෘත්තීය සමිති නිලධාරීන් මර්දනය කිරීමට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව ඔවුහු සඳහන් කරති.

ඒ අනුව, දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරන වෘත්තීය සමිති 24ක් එක්ව පැය 48ක මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published.