සේලය ඇතුළෙන් කොමලිගේ මුහුණ පෙනෙන්නේ

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු අද අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් , කැනියොන් ජලාශයේ එක් වාන් දොරටුවක් අගල් තුන බැගින් විවෘත කර ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශද පවතින වර්ෂාවත් සමග පිටාර මට්ටමට ආසන්න වි ඇති බවත්, එම ජලාශවල ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවරු පවසති.

Leave a Reply

Your email address will not be published.