ලංකාවට යන්න බෑමයි.. සිර කදවුරෙන් බේරාගත් ලාංකිකයන් යුද්දය මැද එහි නවතී…

රුසියානු හමුදාව බාරයේ සිට යුක්රේන හමුදාව විසින් මුදා ගත් බව කියන පුද්ගලයන් හත් දෙනා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට අකමැත්ත පළ කර ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සඳහන් කරයි.

ඔවුන් අකමැත්ත පළ කර තිබියදී බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවට ගෙන ගැනීමට හැකියාවක් නැති බවද හෙතෙම පැවසීය.

මෙම පුද්ගලයන් හත් දෙනා වෛද්‍ය සිසුන් නොවන බවද පැවසූ අමාත්‍යවරයා ඔවුන් නීති විරෝධීලෙස යුරෝපා රටකට ඇතුළු වීමට උත්සාහ කල පිරිසක් බවද සදහන් කලේය.

යුරෝපයේ වෙනත් රටකට ඇතුළුවීමට පෙර යුක්රේනයේ කර්මාන්තශාලාවල වැඩ කරමින් සිටිය දී මෙම තත්වය ඇති වී තිබෙන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

යුක්රේන රුසියා ගැටුම ආරම්භ වෙද්දී මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටි සියලුම ශ්‍රී ලාංකික යනු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවද පැවසූ ඔහු මෙම පුද්ගලයන් පිළිබඳව වාර්තා නොවුනේ ඔවුන් නීති විරෝධී ලෙස එරට ගොස් සිටි නිසා බව තව දුරටත් සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published.