ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා සිටි ශ්‍රී ලාංකිකයින් 183 දෙනෙකු ආපසු හරවා යවා ඇති බව එරට සමුද්‍රීය දේශසීමා අණදෙන නිලධාරී සහ ඒකාබද්ධ කාර්ය සාධක ඒජන්සියේ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී, ස්වෛරී දේශසීමා මෙහෙයුම රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් මහතා පවසයි.
ඔවුන් නීති විරෝධී අන්දමින් අවස්ථා හයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වීමට උත්සාහ කළ පුද්ගලයින් බව දිල්ලි හි පැවති ආසියානු වෙරළාරක්ෂක නියෝජිතායතන ප්‍රධානීන්ගේ රැස්වීමට සහභාගී වූ රියර් අද්මිරාල් ජෝන්ස් ප්‍රකාශ කර ඇතැයි ‘ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්‘ වාර්තා කරයි.
රියර් අද්මිරාල් ජෝන්ස් පවසා ඇත්තේ ශ්‍රී ලාංකිකයින් මුහුදු යාමට සුදුසු නොවන ධීවර යාත්‍රාවලින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කරන බවයි.